හලාවත නගර සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්රීවරයෙකුව හලාවත කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ ගංජා මිලිග්‍රෑම් 1730 ක් සමගින්.
ඊයේ (27) සවස හලාවත නගරයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර තිබෙනවා.
සැකකාර මන්ත්‍රිවරයා යතුරු පැදියකින් ගමන් කරමින් සිටින විට පොලිස් නිලධාරීන් ඔහුව පරීක්ෂා කර ඇති අතර එහිදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුව තිබෙනවා.
අත්අඩංගුවට ගෙන ඇත්තේ හලාවත - කල්ලුක්කුලිය පදිංචි 38 හැවිරිදි අයෙක්.
සැකකරු හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර හලාවත කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කීර්තිපාල ඇතුළු නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කර තිබුණා.
Subscribe to:
Post Comments
(
Atom
)
0 Comments:
Post a Comment