රිය අනතුරකින් තුවාල ලබා ප්රතිකාර සඳහා රෝහල් ගත කළ හලාවත ප්රාදේශීය සභාවේ පොදු ජන පෙරමුණ මන්ත්රීවරයෙකු මිය ගොස් ඇති බව මාදම්පේ පොලීසිය ප්රකාශ කර සිටියි.
මිය ගොස් ඇත්තේ මාදම්පේ-හැලබණ්ඩාරගම පදිංචිව සිටි නුවන් සංජීව මෙන්ඩිස් නම් අවුරුදු 45ක් වන නම් අයෙකි.
පසුගිය 14 වැනිදා රාත්රී 9.00 ට පමණ මාදම්පේ - කුලියාපිටිය මාර්ගයේ සුදුවැල්ල ප්රදේශයේදී මෙම අනතුර සිදුවී ඇති බව අප වාර්තානරු සඳහන් කරයි.
මිය ගොස් ඇති ප්රාදේශීය සභා මන්ත්රීවරයා යතුරු පැදියකින් ගමන් කර ඇති අතර ඔහු තම යතුරු පැදිය මාදම්පේ - කුලියාපිටිය මාර්ගයේ සුදුවැල්ල ප්රදේශයේදී අතුරු මාර්ගයකට හැරවීමට උත්සාහ කර ඇත.
ඒ වන විට ඉදිරියෙන් පැමිණ ඇති ටිපර් රථයක යතුරු පැදිය ගැටීමෙන් අනතුර සිදුවී ඇති බව පොලීසිය ප්රකාශ කර ඇත.
අනතුරින් තුවාල ලබා සිටි ප්රාදේශීය සභා මන්ත්රීවරයා ප්රතිකාර සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇති නමුත් ඒ වන විටත් ඔහු මිය ගොස් තිබී ඇත.
අනතුරට සම්බන්ධ ටිපර් රථය සහ එය පැදවූ අයව මාදම්පේ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මාදම්පේ පොලීසියේ රථ වාහන අංශය වැඩිදුර විමර්ශණ කටයුතු පවත්වන බව අද දෙරණ වාර්තාකරු සඳහන් කරයි.
0 Comments:
Post a Comment