Articles

දකුණු ආසියාවේ ලිංගික සංචාරය.

 

විනෝද චාරිකා මිනිසාට නොයෙකුත් ආකාරයේ ප්‍රයෝජන ලබා දෙන නමුත් දුගී දුප්පත් ජනතාවක් ජීවත්වන රටවල නම් විවිධ බලපෑම් ඇති කරයි යන්න මෙම ලිපිය මගින් ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වෙමු.


අන්තර්ජාල සංගණන මගින් පැහැදිලි වන කරුණක් නම්, පිරිමි සහ පිරිමි ලිංගික ප්‍රිය කරන්නන් බටහිර රටවල සිට පිලිපීනය සහ ශ්‍රී ලංකාවට ලිංගිකව එක්වීම සඳහා කුඩා ළමුන් සොයා ගමන් අරඹා ඇති බවට තහවුරු කර තිබේ.




තායිලන්තයේ විදේශ විනිමය ලබා දෙන දෙවන විශාලතම වෘත්තියක් භෝ සේවාවක් ලෙස සංචාරක කර්මාන්තය පත්ව ඇත.


තවද අඩු වියදමකින් ක්ෂණිකව ලබා ගත හැකි ලිංගිකත්වය සොයා ලෝකයේ විශාලතම පිරිසක් ගමන් අරඹා ඇත.


1980 ජනවාරි මාසයේ චීනයේ දී ගණිකා නිවාසයක් තුලදී ඇති වූ ගින්නකින් මියගිය අය අතර කුඩා දැරියන් පස් දෙනෙකුගේ මළ සිරුරු හමුවිය. එහිදී කල විමර්ශනවලදී භෙලිවූ වේ මෙම දැරියන් වෙනත් රටවලින් බලහත්කාරයෙන් අත් විලංගුලා පැහැරගෙන ඇවිත් ඇති බවට යි.


මෙම දැරියන් ගේ මව් වරුන්ගේ කට උත්තර වලට අනුව තමන්ට ළමුන් වැඩි නිසා සහ දිළිදුකම නිසා ඔවුන් විකුණූ බවට පවසා ඇත.


අඩු වයසින් යුත් තරුණියන් සමග ලිංගිකව එක් වීමේදී තමා ශක්තිමත් වන අතර දීර්ඝායුෂ යක් ද ලැබෙන බවට චීන ජාතිකයන් අතර වූ මිත්‍යා මත යක් පදනම් කරගෙන චීනයේ සිට බොහෝ පිරිසක් තායිලන්තය බලා ගමන් කරයි.


මෙම සිදුවීම නිසා අවුරුද්දකට එක් දැරියක් අඩුම පාරිභෝගිකයින් 1000 දෙනෙකුට මුහුණ දෙන බව පැවසේ.


ඒම රටවල නායකයෝ,හමුදාව සහ පොලීසිය මෙම අපරාධ ගැන දැන දැනම නොදන්නා සේ කටයුතු කරයි.


ඒ වගේම ලංකාවේ විදේශ විනිමය ලබා දෙන හතරවන විශාලතම වෘත්තියක් ලෙස සංචාරක කර්මාන්තය පත්ව ඇත. ලංකාවේ ලස්සන ආකර්ෂණය, කාලගුණය, පරිසරය, විවිධත්වය සහ විනිවිදභාවය ඊට ප්‍රධාන හේතුන් වෙයි.


ඒ හැම දේටම වඩා සංචාරක කර්මාන්තයට දායකත්වයක් ලබා දෙන තිත්ත ඇත්තක් ප්‍රධාන හේතුවක් ඇත. ඒ තමයි ලංකාවේ ඇති ලිංගිකත්ව පහසුකම් සහ මත් ද්‍රව්‍ය ව්‍යාපාරය, හාවිතය.


ලංකාව ආගමානුකූල චාරිත්‍ර වාරිත්‍ර වලට අනුකූල රටක් වූවත්, මත් ද්‍රව්‍ය ව්‍යාපාරය, දුරාචාරය, සූදු කෙළිය සහ මහා පාපකර්මවලින් සපිරි රටක් ලෙස ලෝකයේ සුප්‍රසිද්ධයි.


ආගම්, ජාතීන් පිරිහිලා.අද ලංකාවේ ජීවත්වන බෞද්ධයෙකු ට නිවන් දැකිය හැකිද??
මුස්ලිම් වරයෙකුට හෝ ක්‍රිස්තියානි වරයෙකුට ස්වර්ගයට පිවිසිය හැකි ද??


මේ ප්‍රශ්න වලට ඔව් කියන උත්තර ය අපට දිය හැක්කේ කවදාද??


Ash,MHM.Rizvi Moulavi


18-07-2019



About Admin

0 Comments:

Post a Comment

Powered by Blogger.