තම පක්ෂය සැමදාම සහයෝගය දුන්නේ ජයග්‍රහණය කරන කණ්ඩායමට බව ඇමැති රිෂාඩ් බදුර්දීන් මහතා පවසයි.
2005දීත්, 2010දීත් මහින්ද රාජපක්ෂ මහතාටත් 2015දී මෛත්‍රිපාල සිරිසේන මහතාටත් සහයෝගය දුන් බවත් ඔවුන් ජයග්‍රහණය කල බවත් ද ඇමතිවරයා පැවසීය.
ඒ ආකාරයෙන්ම මෙවර ජනාධිපතිවරණයේදීද තම පක්ෂයේ සහයෝගය දෙන්නේ ජයග්‍රහණය කරන කණ්ඩායමට බවද ඔහු පැවසීය.
ඒ සඳහා සියලු පක්ෂ ජනාධිපති අපේක්ෂකයන් නම් කරන තුරු බලා සිටින බව ද ඔහු සඳහන් කළේ ය.
ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් ඇති වී තිබෙන අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් සිය පක්ෂයේ මතය මාධ්‍ය වෙත පැහැදිලි කරමින් ඔහු මේ බව පැවසීය
Subscribe to:
Post Comments
(
Atom
)
0 Comments:
Post a Comment