Local News

තීරණාත්මක සතියක හමුවක් එළඹෙන සතියේදී!!

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර තීරණාත්මක සතියක හමුවක් එළඹෙන සතියේ පැවැත්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

එම සාකච්ඡාවලදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව ඇති කිරීමට නියමිත නව දේශපාලන සංධානය පිළිබඳව සාකච්ඡා කරනු ඇති බව වාර්තා වෙයි.

ඔවුන් දෙදෙනා අතර පසුගිය සදුදා 05-08-2019 දිනයේ ද ජනාධිපති නිල නිවසේදී සාකච්ඡාවක් පැවතියේය.

මේ අතර වාර්තා වන්නේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ජනාධිපතිවරයා අතර හමුවක්ද ඉදිරි සතියේ සිදුවීමට නියමිත බවයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ දිනවල කාම්බෝජ සංචාරයක නිරත වී සිටින අතර ඔහු අද දිනයේදී යලි මෙරටට පැමිණීමට නියමිතය.

මේ අතර වාර්තා වන්නේ මඩකලපුව දිස්ත්‍රික්කයේ ද්‍රවිඩ ජාතික සංවිධානය නියෝජනය කරන පලාත් පාලන නියෝජිතයින් පිරිසක් විජේරාම නිල නිවසේදී විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා හමුවු බවයි.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ මහතා, ද්‍රවිඩ ජාතික ජාතික සන්ධානය නියෝජනය කළ හිටපු පලාත් පාලන නියෝජිතයින් පිරිසක්ද එක්වූහ.

 

About Admin

0 Comments:

Post a Comment

Powered by Blogger.