Articles

WAHHABISM /වහබ්වාදය ගැන දැනගන්න.

වහාබිසම් (Wahhabism), වහබ්වාදය, වහාබි, යන වචන විද්‍යුත් මුද්‍රිත මාධ්‍ය වල වැඩිපුර භාවිතා වෙමින් පවතී. සමහර වචන වැරදිව තේරුම් ගෙනත් සමහර වචන වැරදිව තේරුම්කර දීමටත් කදිම උදාහරණයක් ලෙස මෙය පරිවර්තනය වී ඇත. මේ පිළිබඳව සමහර මුස්ලිම්වරු වැරදිව තේරුම්ගෙන සිටින අතර අනෙක් අයටත් වැරදියට තේරුම් කරදී ඔවුන්ව ව්‍යාකූලත්වයට පත්කරමින් සිටී.


මූහම්මද් ඉබුනු අබ්දුල් වහාබ්.


වහාබ්වාදය යන වචනය සවුදි අරාබියාවේ දිර්ඉයියා(රියාද්) ප්‍රදේශයේ ක්‍රි:ව1703 දී උපත ලැබ1791 දී අභාවප්‍රාප්ත වූ මුහම්මද් ඉබුනු අබ්දුල් වහාබ් තුමාණන්ව මුල් කරගෙන භාවිතා වෙමින් පවතී.
අබ්දුල් වහාබ් යන අයගේ පුතණුවන් වන මුහම්මද් යන අයගේ ආගමික ප්‍රචාරවලට විරුද්ධ ඔහුගේ අදහස් වලට විරුද්ධ අය විසින් පටබැඳි නාමය වහාබ්විදය වේ.
ඩී.එස්.මාගෝලියත් (MARGOLIOUTH) නම් වූ නැගෙනහිර ජාතික දාර්ශනිකයා මෙන්න මෙහෙම පවසනවා.”වහාබ්වාදය නම් වූ භාවිතය මුහම්මදු ඉබුනු අබ්දුල් වහාබ් තුමාණන්ගේ විරුද්ධවාදීන් විසින් ඔහුගේ කාලයේදීම නිර්මාණය කළ එකකි. පසුව යුරෝපීය ජාතිකයින් මෙය භාවිතා කළ අතර සවුදි අරාබියාවේ විසූ ඔහුගේ ආධාරකරුවන් මෙම නම භාවිතා නොකළේය”(wahabiya D.S.margoliouth,vol V111.p.1086 First Encyclopedia of Islam 1913_1963 edited by m.Th.Houtsma A.J.Wansinck.H.A.RGibb.W.Heffening.And E Lavprovencal.E.J.Brill laiden_1987) තවද තෝමස් පැට්‍රීක්.හියූස් (Thomas patrik hughes) යන අය”වහාබ් වාදය යනු එක් ඉස්ලාමීය ප්‍රතිසංස්කරණ කොටසකි. එහි නිර්මාතෘවර මූහම්මද් ඉබුනු අබ්දුල් වහාබ් නැමැත්තාය. මොහුගේ විරුද්ධවාදීන් මොහුව muhammadans (මුස්ලිම්) ලෙස හැඳින්වීමට අකමැති වූහ. ඒ නිසා වහාබිවරු යනුවෙන් හැඳින්වූහ”යනුවෙන් සඳහන් කරයි.



මුහම්මද් ඉබුනු අබ්දුල් වහාබ් යන මොහු!!


තමා ජීවත්වූ කාලවකවානුවේ පැවැති මිත්‍යා විශ්වාස, සාම්ප්‍රදායික සම්ප්‍රදායන්ට එරෙහිව ක්‍රියාකරමින් සිටියේය. තවද ඒක පුද්ගල නැමදීම, සොහොන් වලින් යැදීම, ඔවුන්ගේ නමින් බිලි දීම, යනාදී ක්‍රියාවන්ට විරුද්ධව දැඩිව ක්‍රියා කළේය. ඒ නිසා සාම්ප්‍රදායික සම්ප්‍රදායන්ට ප්‍රමුඛත්වය දුන් අය ඔහුට එරෙහිව නැගී සිටියේය. නූතන සවුදි අරාබියාවේ නිර්මාණයට දායක වූ මොහු දේශපාලනික වශයෙනුත් තාඩන පීඩනවලට ගොදුරු විය. මොහුගේ සංකල්ප මෙන්ම ප්‍රචාරක ක්‍රමවේදය ගැන විද්වතුන් කීපදෙනකු පරස්පර වූ නමුත්, මොහු කිසිවිටෙක කිසිදු වැරදි සංකල්පයක් ගොඩ නැංවූයේ නැත. ශුද්ධ වූ කුරාණය, නබි (සල්) තුමාණන්ගේ මග පෙන්වීම, සහ අතීත විද්වතුන් අනුගමනය කරමින් ක්‍රියාකළ යුතුය යන ඒකායන බලාපොරොත්තුව ඔහු තුළ ගැබ්ව තිබුණි. තවද ඔහු නීති ක්ෂේත්‍රයේ ඉමාම් අහමද් බින් හන්පල්,(රහ්) යන විද්වතාණන්ගේ මූලික නීති රීති වලට ප්‍රමුඛතාවය දී පර්යේෂණ වල යෙදුනු අයකි. ඉස්ලාමීය නීති ක්ෂේත්‍රයේ ඉජ්මාහ්, කියාස් වැනි මූලාශ්‍රයන් ගැනත් අවබෝධකරගෙන ආගමික තීන්දු ප්‍රකාශයට පත් කළ බව ද සඳහන් කළ යුතුයි.
මේ පිළිබඳව ඔහු පවසන විට “මාගේ ප්‍රතිපත්ති හා ආගම මුස්ලිම්වරුන්ගේ ඉමාම් වරු වන, අබූ හනීෆා, මාලික්,ෂාෆි, අහමද් බින් හන්පල්,(රහ්) යන ඉමාම්වරුන් ගෙ මග පෙන්වීම අනුව ස්ථාපනය වේ”(බලන්න,අත්තූරා අස්සනියියා,කොටස 01.පිටුව,04)
තමාගේ ඉගැන්වීම් අල් කුරානයට සහ නබී (සල් ) තුමාණන්ගේ මගපෙන්වීමට, හා අතීත විද්වතුන්ගේ උපදෙස් වලට පටහැනි නම් එය පෙන්වා දෙන ලෙසත්, එය නිවැරැදි කර ගැනීමට තමන් සූදානම් බවත් ඔහු තමාගේ සමකාලීන විද්වතුන්ගෙන් අයැද සිටියහ.
ඔහු නව සංකල්පයක් ප්‍රචාරය නොකළ නිසා ඔහුගේ නමට වහාබ්වාදය ආදේශ කිරීම නුසුදුසු ක්‍රියාවකි. ඒ අතර ඉස්ලාමීය ලොවට මූහම්මද් ඉබුනු අබ්දුල් වහාබ් මෙසේ ද කියා ඇත. එයද අපි පිළිපදින්නෙමු.කියා, පවසන කිසිවෙක් දැකගත නොහැක. මොහුගේ ප්‍රචාරයන්ගෙන් පැහැදුනු අය මුහම්මදූ නබි (සල්) තුමාණන්ව පිළිපැදිය යුතු බව පවසමින් සිටී. තවද මූහම්මද් ඉබුනු අබ්දුල් වහාබ් පිළිබඳව නූතන යුගයේ ඉස්ලාමීය විද්වත්හූ ප්‍රසංසා පළ කර ඇති බව සඳහන් කළ යුතුය.


මූහම්මද් ඉබුනු අබ්දුල් වහාබ් තුමාණන්ගේ ප්‍රචාරය ත්‍රස්තවාදය සමග සම්බන්ධද?


මූහම්මද් ඉබුනු අබ්දුල් වහාබ් තුමාණන්ගේ ප්‍රචාරය ත්‍රස්තවාදය සමග සම්බන්ධ කර කතාබහට ලක් කර ඇති බව වර්තමානයේ දැකගත හැකි වේ. ඇත්ත වශයෙන්ම ඔහුගේ ප්‍රචාරයන් කිසිවිටෙකත් කොහෙත්ම ත්‍රස්තවාදය වැපිරෙන නොවන බව මෙහිලා සඳහන් කළ යුතුය.
ඇමෙරිකානු ජාතික පර්යේෂක ආචාර්ය Natanne dilog -basනැමැත්තා තමාගේ උපාධි පර්යේෂණ සඳහා මුහම්මද් ඉබුණු අබ්දුල් වහාබ්* තුමාණන් පිළිබඳව විෂය තෝරාගෙන ඇත. ඔහු තමාගේ පර්යේෂණ වාර්තා වේ මෙසේ සඳහන් කරනවා.”වහාබි ප්‍රචාරයට හානිකිරීමට තැත්කළ සියල්ලන් තමන්ගේ අදහස් වලට මූලාශ්‍ර ලෙස ඉදිරිපත් කළේ බටහිර දේශාටකයින්ගේ පොත්පත්ය. එම දේශාටකයින් මුහම්මදු ඉබුණු අබ්දුල් වහාබ් තුමාණන්ව හෝ ඔහුගේ ආධාරකරුවන් කිසිවෙකු හෝ මුණගැසී නොමැත. ඒ නිසා ඔවුන් තමන්ගේ පොත්පත්වල වහාබි ප්‍රචාරයන් වර්තමාන ‍ත්‍රස්ත ක්‍රියාවන් සමග සම්බන්ධ කර ඇත. නමුත් මගේ පර්යේෂණ මඟින් මූහම්මද් ඉබුණු අබ්දුල් වහාබ් තුමාණන්ගේ ප්‍රචාරයන් සෑම අයුරින්ම ත්‍රස්තවාදයට එරෙහි බව දැන ගත්තෙමි.”(බලන්න, මජල්ලත් අත්දහ්වා, අංක 1899_2003/7/3)


රජයට එරෙහිව ක්‍රියා කිරීම!!
මුහම්මදූ ඉබුනු අබ්දුල් වහාබ් තුමාණන්, රජය අසාධාරණ අයුක්ති සහගත ක්‍රියාවන් කළත් රජයට එරෙහිව කැරලි ගැසීය නොයුතුය යන ප්‍රතිපත්තිය අනුගමනය කළ කෙනෙකි. විප්ලවයකින් වෙනසක් සිදුනොවී නොයෙකුත් අනිසි විපාක සිදුවේවි යන ඔහුගේ සංකල්පය අන්තවාදය හා ත්‍රස්තවාදය මුලිනුපුටා දමනවා නොවේද?(බලන්න, මජ්මූඅතු මූඅල්ලෆාතූශ් ශෙයික් 5/11) ඒ නිසාම මොහුගේ අදහස් හා සංකල්ප පිළිගත් අය අරාබි වසන්තය යන නමින් ලොව නන්දෙසින් සිදුවූ විප්ලවයන් ට සහයෝගය නොදැක්වූයේ ය.


උද්ඝෝෂණ!!
උද්ඝෝෂණ ව්‍යාපාර ප්‍රජාතන්ත්‍රවාදී අංගයක් නිසා එයට අනුමෑතිය ඇත. නමුත් ඔහුගේ ඉගැන්වීම් තුළින් උද්ඝෝෂණ ව්‍යාපාරයන් ව හෙළාදකියි. නිලධාරීන්ට එරෙහිව උද්ඝෝෂණ නොපවත්වා ඔවුන් සමග සාකච්ඡා පවත්වා සම්මුතියකට එළඹීම, උද්ඝෝෂණ රැලි නොපවත්වා පුද්ගලිකව අවවාද අනුශාසනා කළ යුතු යයි ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි. උද්ඝෝෂණ ව්‍යාපාර අනුමත නොකරන අය ආයුධ සන්නද්ධ අරගලය අනුමත කරයිද?


මරාගෙන මැරෙන ප්‍රහාර!!


මූහම්මදූ ඉබුනු අබ්දුල් වහාබ් තුමාණන්ගේ උපදෙස්, ඉගැන්වීම්, පිළිගත් කවර හෝ විද්වතෙක් මරාගෙන මැරෙන ප්‍රහාරය අනුමත නොකරන්නේය. එය දහම් විරෝධී ක්‍රියාවක් ලෙසයි සලකනු ලබන්නේ. තවද අල්කයිදා,ISIS, වැනි ත්‍රස්ත සංවිධාන ඔවුන් විසින් දැඩි පිළිකුලෙන් හෙලා දකින බව රහසක් නොවේ. එනිසාම ISIS අන්තවාදීන් එම විද්වතුන් ව ඉස්ලාම් ආගම හැර ගිය අය ලෙස හංවඩු ගසා ඇත.


වහාබ්වාදය කියා සංවිධානයක් තිබේද?
පොදුවේ ලොව වහාබ්වාදී රටක් ලෙස සවුදි අරාබියාව සලකනු ලබයි. එහි අල්කයිදා ,ISIS, වැනි ත්‍රස්ත සංවිධාන සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත. මෙම සංවිධාන සමග සබඳතා පවත්වන අය සෞදියේ අතලොස්සක් සිටින අතර ඔවුන් අත්අඩංගුවට පත්වී සිරගත කර ඇති බව වාර්තාවන් සඳහන් කරයි. මෑතකදී මෙම ත්‍රස්ත සංවිධාන සමග ත්‍රස්ත ක්‍රියාවන්ට සම්බන්ධ චෝදනා මත මරණ දඬුවම් ක්‍රියාත්මක කළ බව සඳහන් කළ යුතුය.
මේ නයින් බලන කල ඇත්ත වශයෙන්ම ලොව වහාබ් වාදය යනුවෙන් සංවිධානයක් නොමැතිබව පැහැදිලි වේ. දෘෂ්ටිවාදය නිසා මූහම්මදූ ඉබුනු අබිදුල් වහාබ් තුමාණන් සමග පරස්පර වූ අයවලුන් සහ දේශපාලනික වශයෙන් සෞදි අරාබියාව සමඟ පරස්පර වූ අයත් වැරදි විදිහට හඳුන්වාදුන් වචන භාවිතය වහාබ්වාදය වේ.
ශ්‍රී ලංකාවේ මුහම්මදු ඉබුනු අබ්දුල් වහාබ් තුමාණන්ව අනුගමනය කරන්නන් නොමැතිබව සැලකිය යුතුයි. ඔහුගේ නමින් කිසිදු සංවිධානයක් හෝ දේවස්ථානයක් ශ්‍රි ලංකාවේ කොතැනක හෝ නොමැතිබව තරයේ ප්‍රකාශ කර සිටිමු.
මුහම්මදු ඉබුනු අබ්දුල් වහා බ් තුමාණන් ඉස්ලාමයේ මුල් අවධියේ විද්වතුන්ගේ මග පෙන්වීම යටතේ ඉස්ලාම් දහම දේශනා කළේය. ඔහුගේ දේශනා කිසිසේත්ම අන්තවාදය හෝ ත්‍රස්තවාදය වැපිරීමට හේතු නොවූ බව සඳහන් කළ යුතුය. ඔහු විසින් ලියන ලද පොත්පත් සියල්ල දැනටමත් දැක බලාගත හැකිව ඇත. එම පොත්පත්වලින් වෑඩි කොටසක් ඉංගිරිසි බසට පරිවර්තනය කර ඇත.එසේනම් ඔහුගේ සතුරන්ගේ විවේචන වලට පමණක් ඇහුම්කන්දී තීරණයකට එළඹීම ප්‍රඥා ගෝචර ක්‍රියාවක්ද?



ලොව බහුතර ජනතාව කුමන හෝ දහමක් අනුගමනය කරමින් හෝ අදහමින් ජීවත්වෙති. එකිනෙකා තම තමන්ට කැමති ආගම ඇදහීමේ නිදහස ඔවුන්ට ලැබී ඇත. තවද ඔවුනොවුන් අදහන ආගම තේරුම් ගැනීමේදී ඇතිවෙන පරස්පරතාවයන් වැලැක්විය නොහැක. ඔවුන් වටහාගෙන පිළිගෙන ඇති කරුණුවල එල්බගෙන සිටීම වරදක් නොවේ. මේ අනුව ශ්‍රිලාංකේය මුස්ලිම්වරු මධ්‍යයේ තමන්ගේ ආගමික සංකල්ප හෝ ප්‍රතිපත්තිය කෙරෙහි නැඹුරුව සිටින්නන් ව ආයුධ සන්නද්ධ ත්‍රස්තයන් ලෙස නිරූපණය කිරීමට තැත් කිරීම හෝ කටයුතු කිරීම කෙතරම් ඛේදජනකද? එයින් වැළකී සිටීමට වගබලා ගත යුතු නොවේද?

About Admin

0 Comments:

Post a Comment

Powered by Blogger.