Local News

නව ජනපති සුබ මොහොතින් වැඩ අරඹයි

අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද(19) පෙරවරුවේ නිල වශයෙන් ජනාධිපතිධූරයේ වැඩ බාර ගනු ලැබීය.
නව ජනාධිපතිවරයාගේ ලේකම් ලෙසින් අද දිනයේදී වැඩබාර ගනු ලැබුවේ රාජපක්ෂ ආණ්ඩු සමයේ මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ ආචාර්ය පී.බී ජයසුන්දර මහතායි.
අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිල වශයෙන් ජනාධපතිධූරයෙහි වැඩබාර ගැනීම අද පෙරවරුවේ සිදුකෙරුණේ ජනාධපති ලේකම්කාර්යාලයේදීයි.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ද එම අවස්ථාවට එක්ව සිටියේය.
එමෙන්ම අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරවරු 9.58ට පමණ ජනධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණියේ සාම්ප්‍රදායික උඩරට වෙස් නර්ථන කණ්ඩායම ජයසක් වාදනයන් මධ්‍යයේයි.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ජනාධිපති ලේකම් උදය ආර්. සෙනවිරත්න මහතා විසින් අභිනව ජනාධිපතිවරයාව ජනාධිපති ලේකම් කාර්යාලයේදී පිළිගනු ලැබීය.
අනතුරුව ත්‍රිවිධ හමුදාව විසින් සම්මාන පෙළපාලිය පැවැත් විය.
ඉන්පසුව යුද හමුදාව විසින් සම්මාන වෙඩිමුර 21කින් අභිනව ජනාධිපතිවරයාට සිය ආචාරය දැක්විය.
අනතුරුව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුන් සමග ජනාධිපතිවරයා විසින් ජනාධිපති ලේකම් කර්යාලය තුළට පිවිසියේය.
එහිදී මහාසංඝරත්නය විසින් අභිනව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිරිත් සඤ්ඤායනා කර ආශිර්වාද කළ අතර එම අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව සිටියේය.
අනතුරුව පෙරවරු 10.51ට යෙදුණු සුබ මොහොතින් ජයපිරිත් සඤ්ඤායනා මධ්‍යයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධූරයෙහි රාජකාරී ආරම්භ කළේය.
මෙහිදී ජනාධිපතිවරයා විසින් හිටපු මුදල් අමාත්‍යංශ ලේකම්වරයෙකුවන පී.බී. ජයසුන්දර මහතාව ජනාධිපති ලේකම්වරයා ලෙස පත්කරනු ලැබීය.

About Admin

0 Comments:

Post a Comment

Powered by Blogger.