ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාල සේවිකාව පැහැරගෙන ගිය බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර රාජිත සේනාරත්න මහතාගෙන් ළඟදීම ප්‍රශ්න කිරීමට නියමිත බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.
ස්විස් තානාපති කාර්යාල සේවිකාවගෙන් සිදුකරන ප්‍රශ්න කිරීම් අවසන් වූ වහාම රාජිත සේනාරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා ඒ සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බව එම ආරංචි මාර්ග තවදුරටත් කියා සිටී.
බොහෝවිට මෙම සති අන්තය තුළදී මෙම ප්‍රශ්න කිරිම් සිදුකෙරෙනු ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි. මෙම සිද්ධිය ඉතාම සැලසුම් සහගතව ගොතන ලද බොරුවක් බව මේ වන විට අනාවරණය වෙමින් තිබෙන අතර එම සැලසුමට රාජිත සේනාරත්න මහතාගේ සම්බන්ධතාවක් තිබුණිද යන්න සෙවීම සඳහා මෙම ප්‍රශ්න කිරීම් සිදුකිරීමට අවශ්‍ය බව පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කියා සිටියේය.
ස්විස් තානාපති කාර්යාලයේ සේවය කළ ගානියා බැරිස්ටස් නමැති සේවිකාව පැහැරගෙන ගොස් කටට පිස්තෝලයක් තබා ඇයට ලිංගික හිරිහැර කළ බවටත් ප්‍රශ්න කිරීම් කළ බවටත් රාජිත සේනාරත්න මහතා විසින් මාධ්‍ය සාකච්ඡුාවක් පවත්වමින් ඉකුත්දා ප්‍රකාශ කර තිබුණි.
මෙම පැහැර ගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් රාජිත සේනාරත්න ඉතාම වැදගත් තොරතුරු දන්නා බව පෙනී යන බැවින් ඒ සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රශ්න කිරීම අත්‍යවශ්‍ය බවද එම නිලධාරියා කීය.
0 Comments:
Post a Comment