Political

විද්වතුන්ද පුටුව එපා කියයි.. පොහොට්ටුවම ඉල්ලයි..

ඉදිරි මහා මැතිවරණයේ දි පොහොට්ටුව ලකුණ කිසිලෙසකින්වත් වෙනස් නොකරන ලෙස පොදුජන සංසදය කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන්සේවා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගෙන් ඉල්ලයි.
පොදුජන විද්වත් සංසදයේ නියෝජිත පිරිසක් උඩුගම්පල දී ඇමතිවරයා හමු වූ අවස්ථාවේ දී මෙම ඉල්ලීම කළහ.
පොහොට්ටුව ලකුණ ජනප්‍රියම වාසනාවන්තම ලකුණ බවත් ඉදිරි මහ මැතිවරණයේ දී අනිවාර්යෙන්ම තරග කළ යුත්තේ පොහොට්ටුවෙන් පමණක් බවත් මෙම විද්වතුන් ඇමතිවරයාට පෙන්වා දුන්හ.
මේ සම්බන්ධයෙන් පක්ෂය තුළ අභ්‍යන්තර සාකච්ඡාවන් දැනටමත් ආරම්භ වී ඇතැයි මෙහි දී පෙන්වා දුන් රණතුංග මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන සියලු දෙනාගේ අපේක්ෂාව ඉදිරි මහ මැතිවරණය පොහොට්ටුව ලකුණින් තරග කිරීම බව කීවේය.
විද්වතුන් රාජ්‍ය පාලනයට සක්‍රීයව සම්බන්ධ කර ගැනීම වත්මන් ආණ්ඩුවේ අපේක්ෂාව බව පැවසු රණතුංග මහතා වියත්මග, එළිය වැඩසටහන් හරහා විද්වතුන් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සක්‍රීය ලෙස සම්බන්ධ කර ගැනීමට හැකි වූ බව කීවේය.
මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ හා ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සුසංයෝගය තුළින් රට දියුණු කිරීමට හැකි බව පෙන්වා දුන් රණතුංග මහතා ඒ සදහා එක්වන්නැ‘යි විද්වතුන්ගෙන් ද ඉල්ලා සිටින බව කීවේය.

About Admin

0 Comments:

Post a Comment

Powered by Blogger.