Local News

එකතුවෙලා වැඩ කරමු!!

නිදහස ලැබිල, එහෙම නැත්නම් සුද්දො නැව් නැගල ආපහු එංගලන්තෙට ගිහින් අවුරුදු 72ක්.

 හරිම දරුණු විදියට. හරිම උපක්‍රමශීලි විදියට නිදහස උදුරගත්තෙත් එයාලම තමයි.

නිදහස නැවත දිනාගැනීම වෙනුවෙන් 1818 ඉදන්ම වාර ගණනාවකදී, නායකයන් ගණනාවක් යටතේ අරගල රාශියක් දියත් වෙලා තියනවා. ආයුධ සන්නන්ධ සටන් විතරක්ම නෙමෙයි මතවාදී අරගලත් බොහොමයි. 

හැබැයි අදටත් හොදට පිලිවෙලට ඉන්න මිනිස්සුන්ට අපි කියන්නේ ‘ ෂා එයා සුද්දෙක් වගේ’ කියල. තව සමහරු කියනවා සුද්දෝ හිටියනම් රට මීට වඩා දියිණුවෙලා කියල. 

මහා වැව් අමුණුවල ඉදන් සීගිරිය දක්වා විශ්මිත නිර්මාණ කරපු ශ්‍රී ලාංකීය ශිෂ්ඨාචාරය ලේ මිනී කදු මතින් විනාශකලේ සුද්දො බව මේ අය හිතාමතාම අමතක කරන්නේ කොහොමද? 

හැබැයි සේරටම වඩා, අපේ පරම්පරාවට නිදහස පිලිබද අත්දැකීමක් ලැබෙන්නේ 2009 අවුරුද්දේ ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී සංවිධානය සමග තිබුනු යුද්ධය මේ රටේ තරුණයන්ගේ ලේ දහදියෙන් සහ #රාජපක්ෂ රජයේ දේශපාලන නායකත්වයෙන් යුතුව අවසන් වුනාට පස්සේ. 

එය යුධමය වගේම මතවාදී අරගලයක ජයග්‍රහණයක්. ස්වදේශීකත්වයේ ජයග්‍රහණයක්. ජාතිකත්වයේ විජයග්‍රහණයක්. 

නිදහසට අවුරුදු 72කට පස්සේ අද අපි රටක් විදියට අලුත් සංධිස්ථානයකට ඇවිත් ඉන්නවා.

ආර්ථිකය, සෞඛ්‍ය, අධ්‍යාපනය, සංස්කෘතිය, රැකියා විරහිතහාවය, සහ නාගරිකත්වය වගේ නූතන අභියෝයගයන් රැසක් අපේ සැබෑ නිදහසට බලපෑම් කරනවා.

ආයුධ වලින් නෙමෙයි බුද්ධියෙන් ජයගත යුතු නව යුද්ධයක් මේක. හැම පුරවැසියෙකුටම මේ යුද්ධයේ පාර්ශ්වයකරුවෙක් වෙන්න වෙලා තියනවා.

මේ ආයුධ වෙනුවට බුද්ධිය අවුස්සන යුගයක ආරම්භයක්. 

අපේ පොදු පරමාර්ථය තමා පාර්ලිමේන්තු චන්දයට මිනිස්සුන්ට නිදහස ලැබෙන නිර්ණායක කීපයක්, මිනිස්සු එක්කම ගොඩනගාගන්න එක. 2020 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා එකතුවෙලා වැඩ කරමු!!

ඉතින් ආයුධ වෙනුවට බුද්ධියෙන් සන්නද්ධ වෙමු. 

ස්තුතිය;
#මිලින්ද රාජපක්ෂ

About PMNO

0 Comments:

Post a Comment

Powered by Blogger.