About us

අප සංවිධානයේ අරමුණු සහ ගමන්මග ගැන ගොඩාක් දෙනා අපෙන් අහනවා. ඒ හා සම්බන්දව යමක් ප්‍රකාශ කිරීම අපගේද වගකීමක් වන නිසා එම කරැණු දෙක පිළිබඳව කෙටියෙන් සටහනක් නැබීමට උත්සාහයක් දරන්නෙමු. අරමුණු: සියළු ජාතීන් හා අාගම් පිරිවරා අප මව් රටේ සර්වාංශ සංවර්ධනය උදෙසා හැකි සෑම අංශයකින් ම එකට එක්ව වැඩකිරීම සහ අප මව් රටට වින කරන අයුරින් අභ්‍යාන්තරයෙන් හෝ බාහිර වශයෙන් රටේ ස්වෙෙරීභාවයට,දේශීය සංවර්ධනයට සහ ජාතික සම්පත් වලට එල්ලවන සියළුම බලපෑම් වලට ප්‍රතිවිරුද්ධ ව ක්‍රියා කිරීම සහ රටේ අාරක්ෂාව උදෙසා පෙලගැසීම. එකී අරමුණු වලට අදාලව පරිත්‍යාගශීලීව ක්‍රියා කලහැකි දැනුම,හැකියාව,ජවය සහ බලය සපිරි හැගීම්බර යහපත් එඩිතර නව තරැණ පරපුරක් බිහිකිරීම. ගමන් මග: ඉහත එකී අරමුණු ඉටුකර ගැනීම සඳහා මූලික කරැණු හතරක් මත ගමන් කරන්නෙමු.

01-එකම රට යන සංකල්පය.

02-රටේ සියළුම ජාතීන් සමසේ ගරැකිරීම.

03-රටේ සියළුම අාගම් සමසේ ගරැකිරීම.

04- රටේ යහපත් නව දේශපාලන මතවාදයක් ගොඩනැගීම.

ඉහත අපගේ අරමුණු වලට අදාලව,ගමන් මගහි මූලික කරැණු හතර ට දිය යුතු වැදගත්කම සමසේ බෙදී යන අාකාරයට වගබලාගැනීම අප සංවිධානයේ ප්‍රතිපත්තිය ද,අනන්‍යතාවය ද සහ අධිෂ්ටානපූර්වක වගකීම ද වේ. ඉහත අරමුණු සහ ගමන් මග සාර්ථක කර ගැනීම සඳහා රටේ සෑම ප්‍රදේශයකම දැනුම්වත් කිරීමේ සහ දිරිමත් කිරීමේ වැඩසටහන් ස්වේච්ඡාවෙන් ම සංවිධානය කරනු ලබන අතර සාකච්ඡා මාර්ගයෙන් තරුණ සංවිධාන, කාන්තා සංවිධාන පිහිටුවීම සහ ඔවුන්ගේ මාර්ගයෙන් ඉහත එකී අරමුණු හා ගමන් මග සාර්ථක කර ගැනීම සඳහා රට වෙනුවෙන් විනිවිද භාවයෙන් යුතු සාර්ථක දායකත්වයක් ලබා ගැනීම ය. කෙටියෙන් කිවහොත්; ජාතිවාදයට, ආගම්වාදයට සහ අවස්ථාවාදයට එරෙහිව ජාතිකවාදය, සංහිඳියාව, පරාර්ථකාමිත්වය සහ පිළිතුරු දේශපාලනය කැටිකරගත් මේ මව් රටට සහ සියලු ජාතීන්ට එකසේ නැගී සිටීමට කටයුතු කරන,රටට ආදරය කරන උතුම් පරම්පරාවක් බිහි කිරීමේ සුපිරිසිදු අරමුණින් ස්වේච්ඡාවෙන් ම ඉදිරිපත් වී, කරනු ලබන උදාර සත්කාරක සංවිධානය කි.

M.A.M.Imthikab කැදවුම්කරු,

M.H.M..Rizvi මහලේකම්,

දේශහිතෙෙෂී මුස්ලිම් ජාතික සංවිධානය. 17-11-2018.

0 Comments:

Post a Comment

Powered by Blogger.